
විපක්ෂයේ පක්ෂ නායකයන් කොළඹ දි තීර්ණාත්මක සාකච්ඡාවක්
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී පක්ෂ නායකයන්ගේ හමුවක් පැවැවුණා.
එහිදී වත්මන් රජය ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කරමින් දේශපාලන පළිගැනීම් සිදු කිරීම ආදී කරුණු රැසක් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් අදහස් හුවමාරු කරගත් බව සමගි ජනබල වේගය පැවසුවා.
එමෙන්ම ජනතාව පීඩාවට පත් කරමින් රජය පොරොන්දු වූ කිසිවක් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් ද මෙහි දි පක්ෂ නායකයන්ගේ අවධානය යොමු වූ බවයි ඔවුන් සදහන් කළේ.