විපක්ෂයේ පුළුල් සන්ධානය හදන්න උත්තර ලංකා සභාගය සාකච්ඡා අරඹයි (VIDEO)

විපක්ෂයේ පුළුල් සන්ධානය හදන්න උත්තර ලංකා සභාගය සාකච්ඡා අරඹයි (VIDEO)

එළැඹෙන පළාත් පාලන මැතිවරණයට මුහුණදීම සඳහා විපක්ෂයේ පුළුල්තම සන්ධානය ගොඩනැගීමට තීරණය කර ඇති බව, උත්තර ලංකා සභාගයේ උප සභාපති උදය ගම්මන්පිල මහතා පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ, ඊයේ (19) රාත්‍රියේ එම සභාගයේ පැවැති හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එමෙන්ම පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ආණ්ඩුවට ඉඩ ලබා නොදිය යුතු බව ද ඔහු මෙහිදී පෙන්වා දුන්නා.

එම සාකච්ඡාවෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා ද මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ එම සන්ධානය ගොඩනැගීම සඳහා සහෝදර දේශපාලන පක්ෂ සමග සාකච්ඡා ආරම්භ කරන බවයි.

Share This