විමල්, වාසු සහ උදය ගැන ජනපති කතා කරයි

විමල්, වාසු සහ උදය ගැන ජනපති කතා කරයි

වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් ලෙස සිටිමින් ,කැබිනට් තීරණයකට එරෙහිව අධිකරණයට යාම සහ කැබිනට් තීන්දුව ප්‍රසිද්ධියේ විවේචනය කිරීම වැරදි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පුවත්පත් කතුවරුන් සමඟ ඊයේ (27) පැවති සාකච්ඡාවක දී සඳහන් කරනු ලැබුවා

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

කැබිනට් තීන්දුවකට එරෙහිව අධිකරණයට යනවානම් අමාත්‍ය ධුරයෙන් ඉවත් වී එය කළ යුතු බවයි ජනාධිපතිවරයා එහිදී  සඳහන් කරනු ලැබුවේ.

එසේ නොමැතිව කැබිනට් මණ්ඩලයේ සිටිමින්ම කැබිනට් තීරණයකට එරෙහිව අධිකරණයට යාම සහ එම තීන්දුව විවේචනය කිරීම කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කඩකිරීමක් බවද ජනාධිපතිවරයා පවසනවා

කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කඩ කිරීම සම්බන්ධයෙන් මාර්ක් ප්‍රනාන්දු විනිශ්චකාරවරයා විසින් දෙන ලද තීන්දුවක් ද තිබෙන බව ජනධිපතිවරයා මෙහිදී  සිහිපත් කරනු ලැබුවා

පුවත්පත් කතුවරුන් ජනාධිපති මන්දිරයේදී ඊයේ(27) හමුවූ අවස්ථාවේදී  පුවත්පත් කතුවරයකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කරනු ලැබුවා.

 

Share This