වියට්නාමයේ පාලමක් කඩාවැටී විශාල පිරිසක් මිය යයි

වියට්නාමයේ පාලමක් කඩාවැටී විශාල පිරිසක් මිය යයි

උතුරු වියට්නාමයේ පාලමක් කඩාවැටීමෙන් පුද්ගලයන් 60 කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා.

වියට්නාමයට හමාගිය යාගි සුළි කුණාටුවට හසුවීමෙන් මෙම පාලම කඩා වැටී ඇති බව සඳහන්.

වසර 30කට පසු වියට්නාමයට ඇති වූ බලවත්ම කුණාටුව එරටේ උතුරු ප්‍රදේශය පුරා විශාල විනාශයක් සිදු කර ඇති අතර මිලියන 1.5 ක ජනතාවකට මේ හේතුවෙන් විදුලිය විසන්ධි වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එම සුළි කුණාටුව දැන් නිවර්තන අවපාතයක් දක්වා අවම වී ඇතත්, එය එරටේ බටහිර දෙසට ගමන් කරන විට තවත් ප්‍රබලත්වයක් ඇති කරන බවට බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා.

Share This