වියට්නාමයේ මහල් නිවාසයක ඇති වූ ගින්නෙන් පුද්ගලයන් 12ක් මරුට

වියට්නාමයේ මහල් නිවාසයක ඇති වූ ගින්නෙන් පුද්ගලයන් 12ක් මරුට

වියට්නාමයේ Hanoi අගනුවර මහල් නිවාසයක ඇති වූ ගින්නකින් මිනිසුන් දොළොස් දෙනෙකු පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මහල් දහයක් ඇති මෙම තට්ටු නිවාසයේ වාහන නැවැත්වීමේ මහලේ මෙම ගින්න හටගෙන තිබෙනවා.

බලධාරීන් විසින් පුද්ගලයින් 70 දෙනෙකු පමණ බේරාගෙන 54දෙනෙකු රෝහල් ගත කර ඇති බවයි සඳහන් වන්නේ.

මියගිය අය අතර ළමුන් තිදෙනෙකුද සිටින බව සඳහන්.

මෙම නිවාස සංකීර්ණයේ පුද්ගලයන් 150ක් පමණ ජීවත් වන බවයි පොලිසිය සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් මහල් 10කින් සමන්විත මෙම නිවාස සංකීර්ණය තුළ පිටවීමට ඇත්තේ එක් දොරක් පමණක් බවත් මහල් සංකීර්ණයේ අනාරක්ෂිතභාවය ගැන පුළුල් විමර්ශනයක් සිදු කිරීමට නියමිත බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

Share This