වියදම් වාර්තා ලබානොදෙන අපේක්ෂකයන්ට එරෙහිව නඩු

වියදම් වාර්තා ලබානොදෙන අපේක්ෂකයන්ට එරෙහිව නඩු

මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව දින 21ක කාලය තුළ මහ මැතිවරණයට තරග කළ සියලුම අපෙක්ෂකයන් සිය වියදම් වාර්තා ඉදිරිපත් කළයුතු බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.

අද පස්වරුවේ (16) මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

අදාළ වියදම් වාර්තා ලබා නොදෙන අපේක්ෂකයන් සම්බන්ධයෙන් නියමිත කාලය අවසන් වූ පසු නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවයි සමන් ශ්‍රී රත්නායක මහතා වැඩිදුරටත් එහිදී සඳහන් කළේ.

Share This