
පෙම්වතා බේරන්න වියානා ඇලට පැන්න විශ්වවිද්‍යාල පෙම්වතියගේ සිරුර සොයා ගැනේ (VIDEO)
මහියංගණය, මාපාකඩවැව, 17 කණුව ප්‍රදේශයේදී මහවැලි වියානා ඇළට වැටී අතුරුදහන් වු සරසවි සිසුවියගේ සිරුර දියබානා වැවෙන් අද(21) පෙරවරුවේ සොයාගත්තා.
මෙම සරසවි සිසුවියගේ සිරුර සොයාගනු ලැබුවේ අතුරුදහන් වු ස්ථානයේ සිට කිලෝමීටර් 4 කට පමණ ඇළ පහළින්, දියබානා වැවේ පාවෙමින් තිබියදීයි.
අතුරුදහන් ඇයගේ සිරුර සොයා අද දින මහියංගණ පොලිසිය හා ගම්වාසීන් සිදු කල මෙහෙයුමේදී ඇගේ සිරුර සොයාගැනිමට හැකි වුණා.
මියගිය තරුණියගේ පවුලේ ඥාතින් රැසක්ද දියබානා වැව වෙත පැමිණ සිටියා.
මහියංගන – බදුල්ල මාර්ගයේ මාපාකඩවැව, 17 කණුව ප්‍රදේශයේ , මහවැලි වියානා ඇළට වැටී දියේ ගිලී අතුරුදහන්ව වූයේ අංක 453, කුඩා ගම්මාන 10, වැලිගල්ල, හම්බන්තොට ලිපිනයේ පදිංචි දඩල්ලගේ රශ්මි ලක්ශිකා මෙන්ඩිස් නමැති වසය අවුරුදු 26ක තරුණියක් වන අතර ඇය රජරට විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන තරුණියක්.
අතුරුදහන්ව ඇති තරුණිය රජරට විශ්වවිද්‍යාලයේ සිට සිය පෙම්වතා සමඟ මහියංගණය හරහා හම්බන්තොට ඇයගේ නිවෙස වෙත පෙම්වතාගේ මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදී, මාපාකඩවැව 17 කණුව ප්‍රදේශයේ මහවැලි වියානා ඇළ අසලට පැමිණ තිබෙනවා.
දෙදෙනා මදක් ගිමන් හැර ඇති අතර, ඇළ වේල්ල දිගේ දෙදෙනා ඇවිඳ ගෙන ඉහළට ගමන්කරමින් සිටියදී පෙම්වතා එකවරම ඇළට වැටී ඇති අතර
පෙම්වතා බේරාගැනීමට පෙම්වතිය ඇළට පැන ඇති බවයි වාර්තා වුණේ.
දෙදෙනාටම පිහිනිමට නොහැකිව ඇළේ සැඩපහට හසුව ගසාගෙන යද්දී, දියනාමින් සිටි කාන්තාවකගේ කෑගැසිමෙන් ඒ අසල සිටි මාපාකඩවැව පොලිස් විද්‍යාලයේ සුමේධ බණ්ඩාර ජයරත්න පොලිස් නිලධාරී මහතා හා ඔහුගේ බිරිඳ මධුෂිකා දේශානි වියානා ඇළට පැන ගසාගන යමින් සිටි තරුණයා බේරාගැනීමට සමත්ව තිබෙනවා.
අවාසනාවන්ත ලෙස ජලයේ ගසාගෙන් යමින් සිටි තරුණිය ජල පහරේ වේගයත් සමග අතුරුදහන්ව ඇතැයි අප වාර්තාකරු පැවසුවා.
එසේ බේරාගත් ගමගේ ලහිරු සුභාශිත නැමැති තරුණයා වයස 27ක් වු අංක 253, කන්දේ කුඹුර, බෙරලපනාතර, ඌරුබොක්ක, මාතර යන ලිපිනයේ පදිංචි අයෙක්.
මීට සතියකට පමණ පෙර මෝටර් රථයක් ඇලට වැටුණේ මෙම දෙදෙනා ඇලට වැටුණු ස්ථානයට මදක් ඉහළින්.