විරෝධතා මැද ඊශ්‍රායලයේ අගමැති ප්‍රතිසංස්කරණ පිළිබඳව ගත් තීරණය

විරෝධතා මැද ඊශ්‍රායලයේ අගමැති ප්‍රතිසංස්කරණ පිළිබඳව ගත් තීරණය

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතනියාහු එරට අධිකරණ පද්ධතියේ ප්‍රතිසංස්කරණ සැලසුම් කිරීම ප්‍රමාද කිරීමට තීරණය කිරීමෙන් පසු ඇතිව තිබූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වනවිට පාලනය වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ප්‍රධාන ගුවන් තොටුපළ, බැංකු ,රෝහල්වල පවා කටයුතු මෙම විරෝධතා හේතුවෙන් අඩාල වුණා

අගමැතිවරයා යෝජනා කර ඇති ප්‍රතිසංස්කරණ ප්‍රමාද කිරීමේ විසඳුමෙන් ගැටළුව විසඳෙන්නේ නැති බවත් පෙළපාලිකරුවන් සටන් කළේ මෙම පනත අවලංගු කිරීමට මිස ප්‍රමාද කිරීමට නොවන බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා .

එමෙන්ම අල්ලස් ගැනීම, වංචා කිරීම සහ විශ්වාසය කඩකිරීම යන චෝදනා තුනකට අදාළව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතනියාහුට එරෙහිව නඩු විභාගවෙමින් පවතින බවත් අග්‍රාමාත්‍යවරයා මෙම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බවත් විදෙස් මාධ්‍ය පවසනවා.

Share This