විරෝධතා මැද ප්‍රංශ ජනපතිගේ ප්‍රියතම අවන්හලටත් ප්‍රහාරයක් (VIDEO)

විරෝධතා මැද ප්‍රංශ ජනපතිගේ ප්‍රියතම අවන්හලටත් ප්‍රහාරයක් (VIDEO)

මතභේදාත්මක විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ප්‍රංශයේ විරෝධතා අඛණ්ඩව පවතින අතර, පැරීසියේ විරෝධතාකරුවන් එරට ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ ප්‍රියතම අවන්හලකට පහර දී තිබෙනවා

බාධක යොදමින් කැරලි මර්දන පොලිසිය La Rotonde bistro අවන්හල වටා ආරක්ෂාව තර කර ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

විශ්‍රාම යෑමේ වයස 62 සිට 64 දක්වා වැඩි කිරීමට අදාළව නීති සම්පාදනය කිරීමට එරෙහිව පසුගිය ජනවාරි මාසයේ සිට එරට විරෝධතා ඇතිවුණා

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අප්‍රේල් 14 වන දින ප්‍රතිසංස්කරණ පිළිබඳ තීන්දුවක් ගනු ඇති බවත්,නීති සම්පාදනයේ වලංගුභාවය පිළිබඳ තීරණයක් වෙනුවෙන් ජනතාව බලා සිටින බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

ප්‍රංශයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ඇස්තමේන්තු කර ඇත්තේ ඊයේ(06) පැවති වැඩවර්ජනවලට පුද්ගලයින් 570,000ක් සහභාගී වූ නමුත් ප්‍රංශ වෘත්තීය සමිති කියා සිටියේ එම සංඛ්‍යාව ඊට වඩා වැඩි බවත් මිලියන දෙකකට ආසන්න ජනතාවක් සහභාගී වූ බවත්ය.

මේ අතර ප්‍රතිසංස්කරණ පිළිබඳ තීන්දුවට දිනකට පෙර එනම් අප්‍රේල් 13 දා වෘත්තීය සමිති වැඩ වර්ජන සහ විරෝධතා කැඳවා ඇති බවත් විදෙස් මාධ්‍ය පවසනවා

Share This