විලියම් කුමරු යුක්‍රේන -පෝලන්ත දේශසීමාව අසල හදිසි සංචාරයක

විලියම් කුමරු යුක්‍රේන -පෝලන්ත දේශසීමාව අසල හදිසි සංචාරයක

බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු පෝලන්තයේ අනපේක්ෂිත සංචාරයක නිරත වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

විලියම් කුමරු ප්‍රථමයෙන් Rzeszów හි 3 වන බලසේනා කඳවුරට ගිය අතර එහිදී ඔහු පෝලන්ත ආරක්ෂක අමාත්‍ය Mariusz Blaszczak හමුවී හමුදා උපකරණ ප්‍රදර්ශනයක් ද නැරඹු බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ .

යුක්‍රේන -පෝලන්ත දේශසීමා අසල ස්ථානගත කර සිටින බ්‍රිතාන්‍ය සහ පෝලන්ත හමුදා සාමාජිකයන් හමු වූ විලියම් කුමරු දෙරටේ සොල්දාදුවන් එක්ව වැඩ කිරීමට පටන් ගත් දා සිට ගොඩනැගුණු ශක්තිමත්භාවය පිළිබඳවද අදහස් පළ කර තිබෙනවා

“අපේ ජාතීන් අතර ශක්තිමත් බැඳීම් තිබෙනවා. යුක්‍රේනයේ ජනතාවට සහ ඔවුන්ගේ නිදහසට සහය දැක්වීම සඳහා අපගේ සහයෝගීතාවය තුළින් මෙම සබඳතා තවදුරටත් ශක්තිමත් වනවා ” යනුවෙනුයි විලියම් කුමරු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ .

Share This