
විශ්‍රාම වැටුප නැතිව ජීවත්වීමේ අපහසුතා ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අස්වැසුම ඉල්ලුම් කළ හැකි බව ඇමති වසන්ත කියයි (VIDEO)
මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සදහා ව්‍යස්ථාපිතව හිමි විශ්‍රාම වැටුප අහෝසි කිරීමට රජය පියවර ගත් පසු යම් අයෙකුට ජීවත්වීමේ අපහසුතා ඇත්නම් අස්වැසුම දීමනාව ඉල්ලුම් කරන ලෙස අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු සාමාජික නන්දන ගුණතිලක මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් කර තිබූ ෆේස්බුක් සටහනකට ප්‍රතිචාර දක්වමින්.
මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සදහා ව්‍යස්ථාපිතව විශ්‍රාම වැටුපක් හිමිවන අතර එය අහෝසි කිරීමට පියවර ගන්නා බවට වත්මන් ජාතික ජන බලවේග රජය අවස්ථා කිහිපයකදීම සදහන් කළා.
එවන් පසුබිමක හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පතද පසුගිය 31වැනිදා ගැසට් කෙරුණා.
කෙසේවෙතත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු සාමාජික නන්දන ගුණතිලක මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සදහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමිවන විශ්‍රාම වැටුප අහෝසි කිරීමට වත්මන් රජය කටයුතු කළහොත් තමන් මරාගෙන මැරෙන්න වුවද සූදානම් බවයි.