
විශ්වවිද්‍යාල සිසුන් 20 ගේ පන්ති තහනම්
අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් විසිදෙදෙනෙකුගේ පන්ති තහනම් කිරීමට විශ්වවිද්‍යාල බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
අප කළ විමසීමකදී එම විශ්විවිද්‍යාලයේ ලේඛකාධිකාරීවරයා සඳහන් කළේ නවකවධය ලබාදීමේ සිද්ධියක් මුල්කර ගනිමින් මෙම පන්ති තහනම සිදුකළ බවයි.
නවක සිසුන් පිරිසකට අමානුෂික ලෙස නවන වධය ලබාදෙන විඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ පසුගියදා සංසරණය වු අතර ඒ සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලින් අනතුරුව මේ පියවර ගත් බවයි වාර්තා වන්නේ.