
විශ්වසනීය ජන මාධ්‍ය භාවිතයේ ඉදිරි දැක්මට මඟ හදන “ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමය”
ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමය විසින් සංවිධානය කරන ඩිජිටල්කරණය හමුවේ විශ්වසනීය ජන මාධ්‍ය භාවිතයේ ඉදිරි දැක්ම පිළිබඳ සම්මන්ත්‍රණයක් මේ වන විට කොළඹදී පැවැත්වෙනවා.
ඒ සඳහා දෙස් විදෙස් නියෝජිතයින් රැසකගේ සහභාගීවී සිටිනවා.
ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සමඟ ඒකාබද්ධවයි මෙම සම්මන්ත්‍රණය සංවිධාන කරන්නේ.
එක්සත් රාජධානියේ ප්රමුඛ පෙළේ මාධ්‍ය පර්යේෂණ ආයතනයක් වන තින්ක් බොක්ස් නියෝජනය කරන සායි හාක්නස් සහ හැරී වෝඩ් මාස්ටර්ස් යන මාධ්‍ය පර්යේෂකයින් මෙම සම්මන්ත්‍රණයේ සම්පත් දායකයින් ලෙස එක්ව සිටිනවා.
වර්තමාන සමාජ ආර්ථික පසුබිම සහ නූතන ඩිජිටල්කරණ වටපිටාව සමඟ නිරන්තරයෙන් වෙනස්වන මාධ්‍ය ක්ෂේත්රය ඇතුළුව මහජනතාවගේ මාධ්‍ය භාවිතයේ ඇති ප්රවණතාවයන් මෙන්ම ඒ සමඟ විවිධ මාධ්‍ය කෙරෙහි ඇති ජනතා විශ්වාසය යන මාතෘකා පිළිබඳ මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.
