විශ්ව විද්‍යාලයේ සේවකයන් ලේඛකාධිකාරීවරයාගේ නිවසේ වැඩ?

විශ්ව විද්‍යාලයේ සේවකයන් ලේඛකාධිකාරීවරයාගේ නිවසේ වැඩ?

පේරාදෙණීය විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරීවරයාගේ නිවසේ අලුත්වැඩියාවකට සේවක පිරිසක් යොදා ගත්තැයි කියන සිද්ධියට අදාළව තවත් නිලධාරින් දෙදෙනකු සේවයෙන් ඉවත් කර ඇතැයි පේරාදෙණීය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් අද (04) පුවත්පත් වාර්තා කර තිබෙනවා.

විශ්ව විද්‍යාලයේ පාලක සභාව ගත් තීරණයකට අනුව මෙසේ සේවයෙන් ඉවත් කර ඇත්තේ පේරාදෙණීය විශ්ව විද්‍යාලයේ වැඩ ඉංජිනේරුවරයා සහ වැඩ අධිකාරිවරයා බවයි ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනේ දී සඳහන් කළේ.

මෙම සිද්ධියට අදාළව පේරාදෙණීය විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරිවරයාගේ සේවය අත්හිටවූයේ ඉකුත් 30 වැනිදායි.

ලේඛකාධිකාරීවරයාගේ නිවස අලුත්වැඩියාව සදහා රාජකාරි වේලාවේදී විශ්ව විද්‍යාල සේවක පිරිසක් යොදා ගැනීම, ඒ සදහා විශ්ව විද්‍යාල වැඩ දෙපාර්තමේන්තුවට අයත් උපකරණ තොගයක් අනුමැතියකින් තොරව ලබා ගැනීම යන චෝදනා මත සිදුකරන ලද පරීක්ෂණයට අනුව මෙම නිලධාරීන් තිදෙනාගේ සේවය අත්හිටුවීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා.

Share This