විශාලතම ආරක්ෂක ප්‍රදර්ශනයක් ඉන්දියාවේ දී

විශාලතම ආරක්ෂක ප්‍රදර්ශනයක් ඉන්දියාවේ දී

The Aero India 2023 ප්‍රදර්ශනය ලබන ඉරිදා ආරම්භ වන අතර එය ඉන්දියාවේ විශාලතම ආරක්ෂක ප්‍රදර්ශනය ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ ඉන්දියාවේ බැංගලෝර්හි Yelahanka ගුවන් හමුදා කඳවුරේදීයි.

ගුවන් සේවා කර්මාන්තය නියෝජනය කරන ව්‍යාපාර, ආරක්ෂක හා රාජ්‍ය අංශය නියෝජනය කරමින් ලොව ප්‍රකට සමාගම්වල නියෝජිතයන් මෙම ප්‍රදර්ශනය සඳහා සහභාගී වීමට නියමිතයි.

ඊට ඉන්දියාවේ ප්‍රමුඛ ආරක්ෂක හවුල්කරුවෙකු වන ඊශ්‍රායලයේ ද ගුවන්සේවා කර්මාන්තය නියෝජනය කරන ප්‍රමුඛයින් පිරිසක් සහභාගීවීමට නියමිතව තිබෙනවා.

ප්‍රදර්ශනයට සමගාමීව එම එම ඊශ්‍රායල සමාගම් සහ ඉන්දීයාවේ ආරක්ෂක අංශයේ නිෂ්පාදන කොන්ත්‍රාත්කරුවන් අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට නියමිත බවයි වාර්තා වන්නේ.

රටවල් දෙක අතර පවතින ආරක්ෂක සබඳතා වැඩිකර ගැනීම එහි එක් අරමුණක් වනවා.

අදාළ ප්‍රදර්ශනය සඳහා ඊශ්‍රායලයේ නිෂ්පාදිත ඩ්‍රෝන යානා, සන්නිවේදන චන්ද්‍රිකා, රොකට් ඇතුළු ආරක්ෂක උපාංග හා නිෂ්පාදන රැසක් ඉදිරිපත් කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

 

Share This