විශේෂ කැබිනට් රැස්වීමක් හෙට

විශේෂ කැබිනට් රැස්වීමක් හෙට

කැබිනට් මණ්ඩලයේ විශේෂ රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (07) පස්වරු 5ට ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වීමට නියමිත බව අද (06) පුවත්පත් වාර්තා උපුටා දක්වමින් ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනේ දී සඳහන් කළා.

රටේ වත්මන් දේශපාලන හා ආර්ථික තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පැවැත්වෙන එම විශේෂ කැබිනට් රැස්වීමේදී සිමෙන්ති, කිරිපිටි සහ ගෑස් මිල වැඩි කිරීමට ඉදිරිපත් වී ඇති යෝජනා සම්බන්ධයෙන් ද අවසන් තීරණයක් ගැනීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරන බවයි එම වාර්තා මගින් පෙන්වා දෙන්නේ.

කැබිනට් මණ්ඩලය අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සුම් තාක්ෂණය ඔස්සේ ඊයේ (05)රාත්‍රියේ පැවැත්වූ නමුත් ජනාධිපතිවරයා ඊට සහභාගී වී නැත.

ඒ අනුව හෙට පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී විශේෂ තීන්දු තීරණ කිහිපයක් ගැනීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වනවා.

 

Share This