විෂ මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන ගැන මල්වතු – අස්ගිරි නා හිමිවරුන් දැනුවත් කෙරේ (VIDEO)

විෂ මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන ගැන මල්වතු – අස්ගිරි නා හිමිවරුන් දැනුවත් කෙරේ (VIDEO)

එළඹෙන 30 වැනිදා පැවැත්වීමට නියමිත විෂ මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනට අස්ගිරි, මල්වතු නාහිමිරුවන්ට ආරාධනා කිරීම සඳහා ආරක්‍ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ඊයේ මහනුවරට පැමිණියා.

එහිදී මහනාහිමිවරුන් හමුවේ අමාත්‍යවරයා පවසා ඇත්තේ කිසිදු භේදයකින් තොරව ඕනෑම අයෙකුගේ ජීවිත ආරක්‍ෂා කිරීම සඳහා වත්මන් රජය කටයුතු කරන බවයි.

මහජන ආරක්‍ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ඊයේ (24) අස්ගිරි පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා.

එහිදී එළඹෙන 30 වැනිදා සිට ඇරඹෙන රජයේ මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන සම්බන්ධයෙන් මහ නාහිමියන් දැනුවත් කිරීම ද මෙහිදී සිදු කෙරුණා.

අනතුරුව ආරක්‍ෂක අමාත්‍යවරයා ඇතුළු පිරිස මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් ද බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.

මෙහිදී කතරගම කිරිවෙහෙර පුරාණ විහාරස්ථානයේ නායක ස්වාමින් වහන්සේ වන පූජ්‍ය කොබවක ධම්මින්ධ ස්වාමින් වහන්සේගේ පොලිස් ආරක්‍ෂාව ඉවත් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත සම්බන්ධයෙන් ද ආරක්‍ෂක අමාත්‍යවරයාගෙන් විමසීමක් කළා.

Share This