විස්වාසභංගයෙන් බ්‍රිතාන්‍ය අගමැති ජයගනී

විස්වාසභංගයෙන් බ්‍රිතාන්‍ය අගමැති ජයගනී

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට එරෙහිව ඊයේ(06) ගෙන ආ විශ්වාසභංගයේදී මන්ත්‍රීවරුන් බහුතරයකගේ සහාය දිනා ගනිමින් එය පරාජය කිරීමට ඔහු සමත්ව තිබෙනවා

ඒ විශ්වාසභංගයට එරෙහිව 59% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින්

ඡන්ද විමසීමේදී මන්ත්‍රීවරුන් 211ක් අගමැතිවරයාගේ නායකත්වය කෙරෙහි විශ්වාසය තබමින් ඔහුට පක්ශව චන්දය ලබා දී ඇති අතර ඔහුට විරුද්ධව ලැබී තිබුණේ ඡන්ද 148ක් පමණයි.

මෙම ජයග්‍රහණයත් සමඟ තවත් වසරක කාලයක් සඳහා කන්සර්වටිව් පක්ශ නායකත්වය බොරිස් ජොන්සන්ට හිමිව ඇති අතර එම කාලය තුළ අග්‍රාමාත්‍ය ධුරය දැරීමටද බොරිස් ජොන්සන්ට බාධාවක් නොවන බවයි වාර්තා වන්නේ.

කෙසේ නමුත් බොරිස් ජොන්සන්ට සහය දැක්වීමේ ඡන්ද ප්‍රතිශතය සාපේක්ෂව අඩු අගයක් පෙන්නුම් කිරීම තුළ එය ඔහුගේ බලය දුර්වල වී ඇති බව පෙන්නුම් කරන්නක් හෙයින් ඇතැමුන් ඔහුට ඉල්ලා අස්වන ලෙස බල කරමින් සිටින බවත් වාර්තා වනවා.

බ්‍රිතාන්‍ය තුළ දැඩි කොවිඩ් සීමා පනවමින් තිබූ කාල සීමාවක එම සීමාවන් නොතකමින් සමාජ දුරස්ථ භාවය ඇතුළු රීති කිහිපයක් උල්ලංඝනය කරමින් උත්සව සහ රැස්වීම් පැවැත්වීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට එල්ල වූ චෝදනාවන්හි ප්‍රතිඵලයක් ලෙසයි ඊයේ මෙවැනි විශ්වාස භංගයකට මුහුණ දීමට ඔහුට සිදුව තිබුණේ.

Share This