විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර පෙරමුණට වනිඳු

විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර පෙරමුණට වනිඳු

විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ ශ්‍රේණිගත කිරීම් අතර පෙරමුණ ගැනීමට වනිඳු හසරංග සහ බංග්ලාදේශ ක්‍රීඩක ශකීබ් අල් හසන් සමත් වී තිබෙනවා.

එහි තුන්වන ස්ථානය හිමිව ඇත්තේ ඇෆ්ගනිස්ථාන ක්‍රීඩක මොහොමඩ් නබී හටයි.

විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ ශ්‍රේණිගත කිරීම්වල 18 වන ස්ථානයේ දසුන් ශානකත්, 32 වන ස්ථානයේ ධනංජය ද සිල්වාත්, 35 වන ස්ථානයේ ඇන්ජලෝ මැතිව්ස් පසුවනවා.

මීට අමතරව නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව විස්සයි විස්ස පන්දු යවන්නන් අතර දෙවන ස්ථානය ද වනිඳු හසරංග හට හිමිව තිබෙනවා.

Share This