
විහිළුවක් දුරදිග ගිහින් සහකාර යන්ත්‍ර ක්‍රියාකරු ඝාතනය කරයි (CCTV VIDEO)
පිළියන්දල,මඩපාත කර්මාන්ත ශාලාවක් තුළදී ඊයේ (1) රාත්‍රී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇතැයි පිළියන්දල පොලිසිය පවසනවා.
පොලීසිය සදහන් කළේ ඝාතනය සම්බන්ධයෙන් යන්ත්‍ර ක්‍රියාකරුවකු ඝාතනයට යොදා ගත් තියුණු ආයුධය සමඟ පොලිසිය අත්අඩංගුවට ගත් බවයි.
සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ පිළියන්දල,තුන්බෝවිල ගමගේ මාවත පදිංචිව සිටි පාගොඩ ආරච්චිලාගේ දොන් කුසුම් උදයප්‍රිය නමැති 40 හැවිරිදි දෙදරුපියක්.
මියගිය පුද්ගලයා එම කර්මාන්ත ශාලාවේ සහකාර යන්ත්‍ර ක්‍රියාකරුවකු ලෙස කටයුතු කරන්නෙක් බව පොලිසිය පැවසුවා.
ඝාතනයට ලක් වූ පුද්ගලයා ඝාතනය සිදුකළ පුද්ගලයාගේ සමීප ඥාතිවරියකගේ නිරුවත් දර්ශන සිය ජංගම දුරකථනයෙන් හොර රහසේ ලබාගෙන එම කර්මාන්ත ශාලාවේ අනෙකුත් සේවකයන් වෙත පෙන්වා, සැකකරුට උසුදු විසුලු කිරීම ඉවසා ගත නොහැකිව මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
සැකකරු කර්මාන්ත ශාලාව තුළදී තියුණු ආයුධයෙන් පහරදී ඝාතනය සිදුකරන අයුරු එහි සවි කර තිබූ සීසි සිටී කැමරාවේද සටහන්ව තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු මඩපාත , පොල්ගහ කොට්ටනුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 ක පුද්ගලයෙක්.