
වීසා නැතිව ශ්‍රී ලාංකිකයින්ට තායිලන්තයට ඇතුළුවීමට අවසර
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 93ක සංචාරකයින් සඳහා අද (15) සිට වීසා රහිතව තායිලන්තයට ඇතුළුවීම සඳහා අවසර ලබාදී තිබෙනවා.
ඒ අනුව වීසා බලපත්‍රයක් නොමැතිව ශ්‍රී ලාංකිකයින්ට තායිලන්තයට යාම සඳහා අවස්ථාව හිමි වන ප්‍රථම අවස්ථාව මෙය වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
තායිලන්තයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද නව ප්‍රතිපත්තිය යටතේ සංචාරකයෙකුට දින 60ක කාලයක් වීසා රහිතව එරට රැඳී සිටීමට හැකියාව ලැබෙන බව සඳහන්.
තායිලන්තයට වීසා නොමැතිව ඇතුළු වන සංචාරකයින් සතුව නවාතැන් අරමුදල් සහ ආපසු පැමිණීමට අදාළ සාක්ෂි තිබිය යුතු අතර එරට ආගමන විගමන නිලධාරින්ගේ අනුමැතිය ලබාගැනීම ද අනිවාර්යය වනවා.
තායිලන්තයේ සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරිම සඳහා අදාළ පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.