වී කිලෝවකට රුපියල් 75ක් – සහල් මිල වැඩි නොකරන තීරණයක (වීඩියෝ)

වී කිලෝවකට රුපියල් 75ක් – සහල් මිල වැඩි නොකරන තීරණයක (වීඩියෝ)

අද (25) සිට වී කිලෝවක් රුපියල් 75බැගින් මිලට ගැනීමට වී අලෙවි මණ්ඩලය තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

මේවන විට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියා සිටියේ පුද්ගලික අංශය සමග තරගකාරී ලෙස වී මිලට ගැනීම අරමුණ වී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා කළ බව ඔහු කියා සිටියා.

මේ අතර සහල් මිල වැඩි කිරීමට කටයුතු නොකරන බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

Share This