
වී මිල පහළ යාම ගැන රජරට ගොවි සංවිධාන අසතුටින්
රජය විසින් තවමත් වී සඳහා නිසි මිලක් ලබාදීමට අපොහොසත් වී ඇති බව ‘රජරටින් ගොවි බලයක්’ සංවිධානය චෝදනා කරනවා.
ඔවුන් සඳහන් කළේ මේ හේතුවෙන් ඉදිරියේදී ගොවීන් සමඟ එක්ව රජයට එරෙහිව විරෝධතාවක් සංවිධාන කරන බවයි.
මේ වන විට ලංකාවේ ඇතැම් ප්‍රදේශවල වී අස්වැන්න නෙලමින් සිටියද වී අලෙවිකර ගැනීමට නොහැකිව ගොවීන් දැඩි ලෙස පීඩාවට පත්ව තිබෙනවා.
වෙළෙන්දන් විසින් වී කිලෝවක් රුපියල් 100ක මිලකට මිලදී ගන්නා බවත්, මේ හේතුවෙන් තමන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇති බවයි රජ රටින් ගොවි බලයක් සංවිධානය චෝදනා කරන්නේ.
මේ අතර සුලු හා මධ්‍ය පරිමාණ මෝල්හිමියන්ගේ සංගමය පැවසුවේ මහා පාරිමාණ මොල්හිමියන් විසින් වී අඩු මිලට ලබාගැනීම හේතුවෙන් ඉදිරියේදී දැවැන්ත ප්රශ්නයනයකට ගොවීන්ට මුහුණ දීමට සිදුවන බවයි.
මේ අතර ඇලහැර පේක්කුලම ව්‍යාපාරයේ ගොවීන් විසින් වගාකළ වී වගාවන් ජලය නොමැතිව විනාශ වී යාමේ අවධානමකට ලක්ව තිබෙනවා.
ඒ අනුව පොලොන්නරුව දිස්ත්‍රික්කයට අයත් ඇලහැර ගොවි ජනපදයේ ගොවීන් පවසන්නේ වසර 50කට පමණ ඉහත දී බිහි වූ පේක්කුලම ගොවි ව්‍යාපාරය යටතේ ආරම්භයේදී ගොවීන් විශාල පිරිසක් පේක්කුලම වැව යටතේ ජලය සපයා ගනිමින් යල සහ මහ කන්නය වගා කරමින් තම ගොවිතැන් සාර්ථකව සිදුකරගත් බවයි.
කෙසේ වෙතත් මෙම පේක්කුලම වැවේ වැව් බැම්ම බිඳී යාමත් සමඟ සහ මොරගහකන්ද මහවැලි ව්‍යාපාරය යටතේ උතුරු උමං ඇල ඉදිකිරීමෙන් මෙතෙක් ජලය සපයා ගන්නා රූපේ ඇලේ ජල උල්පත් සිඳී ගොස් ජලය අර්බුදය ඉහළ ගොස් ඇති බවත් ගොවීන් පවසනවා.
මේ අතර සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පැවසුවේ ඉදිරියේදී බිත්තර මිල ද පහළ යනු ඇති බවයි.