වෙඩිතබා මීගමුවේදී ලොකුකම් පෙන්වයි

වෙඩිතබා මීගමුවේදී ලොකුකම් පෙන්වයි

මෝටර් රථයකින් ගමන්ගත් පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකු බිය වැද්දීමට මීට සුලු මොහොතකට පෙර මීගමුවේදී අහසට වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

මෙය සිදුව තිබෙන්නේ මීගමුව තලාදූව ප්‍රදේශයේදී.

මීගමුව තලාදූව ප්‍රදේශයේ මෝටර් රථ දෙකකින් ව්‍යාපාරිකයින් දෙදෙනෙක් ගමන් කර ඇති අතර මේ සිද්ධියට හේතුවී තිබෙන්නේ එහිදී ඇතිවූ බහින්බස්වීමක්.

එම බහින්බස්වීමේදී එක් ව්‍යාපාරිකයෙක් බිය වැද්දීමට අනෙක් ව්‍යාපාරිකයා විසින් අහසට වෙඩිතබා තිබෙනවා.

සිදුවීම වාර්තාවීමත් සමඟ වහා ක්‍රියාත්මකවූ මීගමුව පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වෙනවා.

 

Share This