වෙඩි තැබීමකින් ළමුන් ඇතුළු 6 දෙනෙකු මරා දැමු අමෙරිකාවේ ඝාතකයා සතුව තුවක්කු 7ක් (VIDEO)

වෙඩි තැබීමකින් ළමුන් ඇතුළු 6 දෙනෙකු මරා දැමු අමෙරිකාවේ ඝාතකයා සතුව තුවක්කු 7ක් (VIDEO)

අමෙරිකාවේ නැෂ්විල් හි පාසලකදී පුද්ගලයින් හය දෙනෙකු ඝාතනය කළ පුද්ගලයා තුවක්කු හතක් නීත්‍යානුකූලව මිල දී ගෙන නිවසේ සඟවා තිබූ බව පොලිසිය සඳහන් කරනවා.

28 හැවිරිදි තරුණයා සතුව ආයුධ නොතිබුණු බව සැකකරුගේ දෙමාපියන් මීට පෙර පැවැසුවත් ,තුවක්කු ඔවුන්ගේ නිවසේ සඟවා ඇති බව ඔවුන් නොදැන සිටි බවත් විමර්ශන නිලධාරීන් පවසනවා.

මෙම වෙඩි ප්‍රහාරයෙන් වයස අවුරුදු නවයේ ළමුන් තිදෙනෙකු ඇතුළු හය දෙනෙක් මිය ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

සැකකරු මානසික ආබාධයක් සඳහා වෛද්‍යවරයාගේ රැකවරණය යටතේ සිටි අයෙක් බවද පොලිසිය පවසනවා.

Share This