වෙඩි ප්‍රහාරයකින් දිවි ගලවාගත් පානදුර රෝහලේ ගිලන් රථ රියදුරා ගැන තොරතුරු රැසක් එළියට (වීඩියෝ)
පානදුර රෝහල් භූමියේ දී පාතාල කල්ලියක වෙඩි ප්‍රහාරයකින් දිවි ගලවාගත් ගිලන් රථ රියදුරා ද මත්කුඩු ප්‍රවාහනය ඇතුළු පාතාල ක්‍රියාකාරකම් රැසකට සම්බන්ධ අයෙක් බවට පොලිස් පරීකෂණවලින් අනාවරණය වී තිබෙනවා.
ඔහු ඊයේ (03) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම ජාවාරම් පිළිබඳව තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර හිමි වුණා.
පානදුර කේතුමකී මාතෘ රෝහලේ සිට පානදුර මූලික රෝහලට ගැබිනි මාතාවක් රැගෙන එමින් සිටි ගිලන් රථ රියදුරෙකු ඉලක්ක කර පුද්ගලයෙකු මෙලෙස වෙඩි ප්‍රහාරයක් එල්ල කළේ ඉකුත් 27 වෙනිදායි.
කෙසේ වෙතත් වෙඩික්කරුගේ ගිණි අවිය ක්‍රියාත්මක නොවීම නිසා එදින ගිලන් රථයේ රියදුරාගේ දිවි ගැලවුණා.
සිද්ධිය පිළිබඳව කළ පොලිස් විමර්ශනවලදී හෙළි වුණේ ගිලන් රථ රියදුරාට වෙඩි තැබීමට යතුරුපැදි දෙකකින් පුද්ගලයින් හතර දෙනෙකු පැමිණ ඇති බවයි.
ඉන් දෙදෙනෙකු මේ වනවිට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, අනෙක් දෙදෙනා අත් අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතා තිබෙනවා.
අත්අඩංගුවට ගෙන ඇති දෙදෙනාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් හෙළිවී ඇත්තේ ඔවුන්ගේ ඉලක්කය වූ ගිලන් රථ රියදුරා මත්කුඩු ප්‍රවාහනය ඇතුළු පාතාල ක්‍රියාකාරකම් රැසකට සම්බන්ධ අයෙකු බවයි.
ඒ අනුව එම ගිලන්රථ රියදුරාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු තමන් පදවන ගිලන් රථය උපයෝගී කරගෙන මත් කුඩු කිලෝ ග්‍රෑම් 100කට වැඩි ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව හෙළිව ඇතැයි පොලිසියේ ඉහළ නිලධාරියෙකු පැවසුවා.
ඒ අනුව අදාළ ගිලන්රථ රියදුරා ඊයේ රාත්‍රියේ පානදුර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අතර පොලිසිය කළ ඉල්ලීමට අනුව ඔහුගෙන් තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර හිමිවී තිබෙනවා.
ඒ අනුව මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් වැදගත් තොරතුරු රැසක් අනාවරණ කර ගැනීමට හැකිවනු ඇතැයි පරීකෂණ මෙහෙයවන කළුතර අපරාධ මර්ධන කොට්ඨාසයේ අධ්‍යකෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලූගල මහතා පැවසුවා.
සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ හා කළුතර අපරාධ කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න යන අයගේ උපදෙස් මත වැඩිදුරටත් පරීකෂණ ක්‍රියාත්මකයි.