වෙඩි වැදුණු වන අලි දෙදෙනකුට වන ජීවී පශූ වෛද්‍ය කරුණාව

වෙඩි වැදුණු වන අලි දෙදෙනකුට වන ජීවී පශූ වෛද්‍ය කරුණාව

ඉදිරි පස දකුණු අතට බඳින කදක් පත්තු වී තුවාල වූ වන අලියෙකුට ඊයේ (29) විලච්චිය ප්‍රදේශයේ දී පණ්ඩුලගම සෞඛ්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේ වනජීවී පශු වෛද්‍ය උදේශිකා මදුවන්ති මෙනවියගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර සිදු වුණා.

වනසත්ව අඩවි ආරක්ෂක චමිල් ධර්මදාස, වනසත්ව අඩවි සහකාර ගයාන් විජයලත් සහ වනසත්ව නියාමක සපුමල් බණ්ඩාර යන නිලධාරීන් මෙම ප්‍රතිකාර කටයුතු සදහා සම්බන්ධ වී කටයුතු කලා.
වන ජීවී දෙපාර්තමේන්තුව පැවසුවේ මේ අතරතුර වෛද්‍යවරිය ඇතුළු පිරිසට වන අලි ප්‍රහාරයකට ලක්වීමට ද සිදු බවයි.

මේ අතර වෙඩි පහරක් හේතුවෙන් තුවාල ලබා,කන්තලේ ප්‍රදේශයේ වැව ආශ්‍රිත වේදනාවෙන් සැරි සරමින් සිටි වන අලියකුට ප්‍රතිකාර කිරීම ගිරිතලේ වනජීවී සෞඛ්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේ පශු වෛද්‍ය නිලධාරී කේ. ඒ. එස්. එස්.කලිගුආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකළා.

වෙඩි පහර නිසා, වයස අවුරුදු 35 ක් පමණ වූ එම වන අලියාගේ දකුණු පසු පාදයේ මාංශ පේශි දැඩි ලෙස හානි වී ඇති බවත් අඛණ්ඩව ප්‍රතිකාර කටයුතු ඉටු කිරීම සිදු කරන බවත් වෛද්‍ය නිලධාරී පැවසුවා.

 

 

Share This