වෙන්නප්පුවේ ඝාතනය පලිගැනීමක් – ඝාතකයින් පොලීසියට බාර වෙලා

වෙන්නප්පුවේ ඝාතනය පලිගැනීමක් – ඝාතකයින් පොලීසියට බාර වෙලා

වෙන්නප්පුව වැව පාරේදි අද 10.30 ට පමණ තියුණු ආයුධ වලින් පහරදීමෙන් සහ වෙඩි තැබිමකින් එක් අයකු මරණයට පත් වුණා.

ඝාතනයට ලක්වූ පුද්ගලයා සමග සිටි තවත් අයකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් ඇප අත්සන් කිරිමට පැමිණි දෙදෙනකු නැවත යතුරු පැදියකින් යමින් සිටියදි මෝටර් රථයකින් පැමිණ පිරිසක් ඔවුන්ට වෙඩි තබා කඩුවකින් කපා ඇති බවයි.

එහිදි එක් අයකු මිය ගොස් තිබෙනවා.

මෝටර් රථයෙන් තුන් දෙනකු පැමිණ ඇති අතර එහිදී වෙඩි තැබිමක් ද සිදුකර ඔවුන් පලා ගොස් ඇතැයි සදහන්.

පසුව අපරාධයට පැමිණි පිරිස මෝටර් රථය වෙන්නප්පුව නගරයේ අතහැර දමා පොලිසියට බාරවි තිබෙනවා.

එහිදී වෙඩි තැබු රිවෝල්වරය ද පොලීසිය බාරයට ගෙන තිබෙනවා.

මිය ගොස් ඇත්තේ වෙන්නප්පුව සිරිගම්පල ප්‍රදේශයේ පදිංචි 36 අයක්.

ඝාතනය වී ඇත්තේ මීට පෙර මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් ඇපමත සිටි අයෙක්.

Share This