
වෙරිමත වැඩි වී තරුණයින් දෙදෙනෙක් අවුරුදු 68 ක කාන්තාවක් ඝාතනය කරලා
නිවිතිගල, සිදුරුපිටිය ප්රදේශයේ අක්කර දහයක පුද්ගලික වත්තක වතු නිවසක් තුළදි 68 හැවිරිදි කාන්තාවක් ඝාතනය කර ඇතැයි පොලිසිය පවසනවා.
පොලීසිය පවසන්නේ ලාඩප්පා හෙවත් ගිනිසීරියා ගසක පොලුවලින් පහරදි කාන්තාව ඝාතනය කර ඇති බවයි.
මෙම ඝාතනය ගැන සැකකරෙන තරුණයින් දෙදෙනෙකු ප්රදේශයෙන් පළා ගොස් ඇතැයි පොලිසිය පවසනවා.
පොලිසිය සඳහන් කළේ සැකකරුවන් දෙදෙනා ඝාතනය වු කාන්තාවගේ ඥාති පුතුන් දෙදෙනකු බවයි.
ඝාතනය වු කාන්තාව බදුරලිය, පැලවත්ත ප්රදේශයේ පදිංචි අතර මෙයට මාස අටකට පෙර මෙම වතුයායේ සේවයට පැමිණ තිබෙනවා.
සැකකරුවන් දෙදෙනා රැඳි සිට ඇත්තේ මෙම පුද්ගලික වතුයායේ සේවයට පැමිණ ඝාතනය කෙරුණු කාන්තාව සහ ඇයගේ සැමියා සිටි වතු ලැයිම් කාමරයට යාබද ලැයිම් කාමරයේයි.
පෙරේදා (14) රාත්රියේ සැකකාර තරුණයින් දෙදෙනා මත්පැන් පානය කර ඝාතනය වු කාන්තාව සහ ඇයගේ සැමියා සමග අඬදබර වි ඔවුන්ට ලාඩප්පා පොලුවලින් පහර දී ඇතැයි අප වාර්තාකරු පැවසුවා.
ඒ අවස්ථාවේ දී ඝාතනය වු කාන්තාවගේ සැමියා පළාගොස් ඇතැයි ඔහු පොලිසියට ප්රකාශ කර තිබෙනවා.
ඔහු අද උදැසන නිවිතිගල පොලිසිය ට පැමිණ සිද්ධිය පවසා ඇති අතර ඝාතනය කෙරුණු කාන්තාව සහ ඇයගේ සැමියා ද මත් පැන් පානය කරන අය බව පරික්ෂණ වලදි අනාවරණය වි ඇතැයි පොලීසිය සඳහන් කළා.
