වෙලේ සුදාට බරපතළ වැඩ සහිතව වසර අටක සිර දඬුවම්

වෙලේ සුදාට බරපතළ වැඩ සහිතව වසර අටක සිර දඬුවම්

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියනගම්පොළ විධානලාගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදාට, ඔහුගේ බිරිඳ සහ තවත් කාන්තාවකට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 8 බැගින් සිර දඬුවම් නියම කළා.

ඒ හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම තුළින් අයතා ලෙස උපයාගත් කෝටි ගණනක දේපළ සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොණුකර තිබූ චෝදනාවලට වරදකරුවන් වීමත් සමඟයි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් මෙම තීන්දුව ලබා දී තිබෙනවා.

ඊට අමතරව විත්තිකරුවන්ට දඩ මුදල්ද නියම කෙරුණු අතර නීති විරෝධී ලෙස උපයාගත් දේපළ, මුදල් හා රන් භාණ්ඩ රාජසන්තක කිරීමටත් අධිකරණය විසින් අද (15) නියම කළා.

Share This