වෙළඳපලක විදුලි රැහැනක් කඩා වැටීමෙන් 26ක් මරුට (VIDEO)
කොංගෝ රාජ්‍යයේ වෙළඳපොළක විදුලි රැහැනක් කඩා වැටී විදුලි සැර වැදීමෙන් පුද්ගලයන් 26 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
කින්ෂාසා අගනුවර ආසන්නයේ පිහිටි නිවාස සහ සාප්පු සවාරි යන පුද්ගලයන් මතට මෙම අධි බලැති කේබලය කඩා වැටී ඇති බවයි පැවසෙන්නේ.
විදුලි රැහැන කැඩීමට හේතුව කුමක්ද යන්න තවමත් පැහැදිලි නැති බව සඳහන්.
නමුත් නිවේදනයක් නිකුත් කරමින් කොංගෝහි ජාතික විදුලි සමාගම පවසා තිබෙන්නේ අකුණු සැර වැදීමෙන් කේබලයේ කොටසක් බිම වැටී ඇති බවයි.
එම සමාගම විපතට පත් වූවන්ගේ පවුල්වලට ශෝකය පළ කර තිබෙනවා.
එරට පොලීසිය සඳහන් කරන්නේ කින්ෂාසා නගරයට මායිම්ව පිහිටි මාතාඩි-කිබාලා දිස්ත්‍රික්කයේ දී මෙම කඩා වැටීම සිදුව ඇති අතර, පුද්ගලයන් රැසක් එම ස්ථානයේදීම මිය ගිය බවයි.
ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරන්නේ විපතට පත් වූවන්ගෙන් බහුතරය එම වෙළෙඳ පොළේ වෙළෙඳුන් බවයි.