වොෂින්ටනයට සහ නිව්යෝර්ක් වෙත පැමිණෙන ගුවන් ගමන් ප්‍රමාදයක්

වොෂින්ටනයට සහ නිව්යෝර්ක් වෙත පැමිණෙන ගුවන් ගමන් ප්‍රමාදයක්

අමෙරිකාවේ වොෂින්ටනයට සහ නිව්යෝර්ක් වෙත පැමිණෙන බොහෝ ගුවන් ගමන් ගිගුරුම් සහිත වැසි හේතුවෙන් කෙටි කාලයක් සඳහා නතර කිරීමට සිදුවූ බව විදෙස් මාධ්‍ය පවසනවා

Hartsfield–Jackson Atlanta ගුවන් තොටුපළ, Philadelphia ගුවන් තොටුපළ, Newark’s Liberty ගුවන් තොටුපළ සහ නිව් යෝර්ක් හි JFK සහ LaGuardia ගුවන් තොටුපළවල මෙලෙස ගුවන් ගමන් ප්‍රමාද වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

ගුවන් ගමන් නිරීක්ෂණ වෙබ් අඩවියක් වන FlightAware සඳහන් කර ඇත්තේ Newark Liberty ගුවන් තොටුපළ වෙතින් පිටත් වන ගුවන් ගමන් වලින් 39% ක් සහ LaGuardia ගුවන් තොටුපළෙන් පිටත් වන ගුවන් ගමන් වලින් 47% ක් ප්‍රමාද වී ඇති බවයි

 

Share This