ශකීරාට දෙවන වරටත් බදු අපරාධ චෝදනා

ශකීරාට දෙවන වරටත් බදු අපරාධ චෝදනා

කොලොම්බියානු පොප් ගායිකා ශකීරාට ස්පාඤ්ඤ රජය විසින් බදු වංචා කිරීමේ චෝදනාව දෙවන වරටත් එල්ල කර තිබෙනවා.

ස්පාඤ්ඤයේ නඩු පවරන්නන් චෝදනා කරන්නේ ශකිරා 2018 දී අමෙරිකානු ඩොලර් මිලියන 7.1ක බදු මුදලක් වංචා කර ඇති බවයි.

ඇයගේ El Dorado ලෝක සංචාරය සඳහා මිලියන ගණනක් අත්තිකාරම් ගෙවීම් ප්‍රකාශ කිරීමට අපොහොසත් වූ නිසා මෙය සිදුවූ බවයි නඩු පවරන්නන් සඳහන් කරන්නේ.

ඔවුන් විසින් 2023 ජූලි මාසයේදී දෙවන පරීක්ෂණය ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This