
ශ්‍රී ලංකන් අලුත්ම හැඩකාරයා එයාර්බස් A330-200 දිවයිනට
ශ්‍රී ලංකන් ගුවන් සේවයට එකතු වන එයාර්බස් A330-200 ( Airbus A330-200) පුළුල් බඳ (wide-body) සහිත ගුවන් යානය අනිද්දා (04) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා
පැරිස් සිට පැමිණෙන මෙම ගුවන් යානය, මෙරට ගුවන් යානා නිරීක්ෂකයින්ට විශේෂ අවස්ථාවක් ලබාදෙමින්, කොළඹ සහ කටුනායක ඉහළ අහසේ අඩු උසකින් පියාසර කිරීමක් සිදු කිරීමටත් සූදානම්.
ඒ අනුව අනිද්දා උදෑසන 8:00 සිට 9:00 දක්වා, අඩි 1,500ක පමණ උසකින්, මෙම අලුත් හැඩකාරයා කොළඹ වෙරළ තීරය ඔස්සේ, වරාය නගරයේ හි දකුණු කෙළවරේ සිට මොරටුව දක්වා දිස්වන පරිදි පියාසර කිරීමට සූදානම්.
ඉන්පසු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ (BIA) වෙත පැමිණෙන අතර ගොඩබැසීමට පෙර බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ඉහළින් තවත් පියාසැරියක් සිදු කරනු ඇති.
ශ්‍රී ලංකාව ලොවට සම්බන්ධකරන දිගු දුර හා කෙටි දුර ගමනාන්ත මෙහෙයුම් සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවයේ යානා ඇණිය සමඟ එකතුවන මෙම ගුවන් යානය පළමු වරට පැමිණීම දැකගැනීමට ලැබීම ගුවන් යානා ලෝලීන්ට සහ නිරීක්ෂකයින්ට ආකර්ෂණීය අවස්ථාවක්ද වෙනවා.