ශ්‍රී ලංකාවට බලපෑ සුළි කුණාටුවෙන් සිදු වූ හානිය පිළිබඳව ජපාන අගමැතිනී  සානේ ටකයිචි ශෝක පණිවිඩයක් නිකුත් කරයි

“ශ්‍රී ලංකාවට බලපෑ සුළි කුණාටුවෙන් සිදු වූ වටිනා ජීවිත රැසක් අහිමි වීම ගැන තමන් අතිශයින් ශෝකයට පත් වන බව ජපාන අග්‍රාමාත්‍යවරිය සිය ශෝක පනිවිඩයෙන් දන්වා තිබෙනවා.

ඇය නිකුත්කර ඇති නිවේදනයේ දැක් වෙන්නේ විපතට පත් වූවන්ට සහ වියෝ වූ පවුල්වලට තමන්ගේ ගැඹුරු ශෝකය ප්‍රකාශ කරන බවයි.

මානුෂීය දෘෂ්ටිකෝණයකින් සහ ශ්‍රී ලංකාව සමඟ ඇති මිත්‍රශීලී සබඳතා සැලකිල්ලට ගනිමින්, ජපානය, ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (JICA) හරහා සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූවන්ට සහාය වීම සඳහා තක්සේරු කණ්ඩායමක් පිටත් කර එවීමට සහ හදිසි සහන භාණ්ඩ සැපයීමට තීරණය කර ඇති බව එම නිවේදනයේ සඳහන්.

තුවාල ලැබූවන්ට හැකි ඉක්මනින් සුවය ලබා ගැනීමට සහ ආපදාවෙන් පීඩාවට පත් ප්‍රදේශ ප්‍රතිසංස්කරණය කිරීමට තමන් සියලු සහාය ලබාදෙන බව ජපාන අග්‍රාමාත්‍යවරිය සිය ශෝක පනිවිඩයෙන් දැනුම් දී තිබෙනවා.

Share This