
ශ්‍රී ලංකාවට සුපිරි ජයක්
සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර ලකුණු 174ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් වුණා .
පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 281 ලබා ගත්තා
අනතුරුව ලකුණු 282ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඔස්ට්‍රේලියාවට පන්දුවාර 24.2කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 107ක් පමණයි
ඒ අනුව තරග 2කින් යුත් එක්දින ක්‍රිකට්තරගාවලිය තරග 2-0ක් ලෙසින් ශ්‍රී ලංකාව දැවැන්තජයක් හිමි කර ගත්තා
පන්දු යැවීමේදී දුනිත් වෙල්ලාලගේ කඩුලු 04ක් දවා ගත් අතර අසිත ප්‍රනාන්දු සහ වනිදු හසරංග කඩුලු 03 බැගින් දවා ගනිමින් ඔස්ට්‍රේලියානු ප්‍රබල පිතිකරුවන් දවා ගැනීමට සමත් වුණා