ශ්‍රී ලංකාවේ උපත් අනුපාතිකය අඩුවෙලා

ශ්‍රී ලංකාවේ උපත් අනුපාතිකය අඩුවෙලා

ශ්‍රී ලංකාවේ උපත් අනුපාතිකය 1.9ක් දක්වා පහත වැටී ඇති බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ වාර්තාවක් පෙන්වා දෙනවා.

එම අනුපාතිකය පැවතිය යුතු අගය වන්නේ 2.1ක්.

ශ්‍රී ලංකාවේ ජීවන වියදම පසුගිය වසර කිහිපය තුළ දෙගුණයක් වීම නිසා තරුණ පිරිස් පවුලක් ගොඩනැගීමට බලාපොරොත්තුවක් තිබුණ ද එය තාවකාලිකව නවතා ඇති බවයි එම වාර්තාව සදහන් කරන්නේ.

එමෙන් මෙරට තරුණ ප්‍රජාව දරුවන් බිහි කිරීමට කැමැත්තක් දැක්වුවත් ඔවුන්ට අවශ්‍ය දරුවන් සංඛ්‍යාව බිහි නොකරන බව ද වාර්තාව එළිදැක්වීමට පැමිණි එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ නියෝජිත කුලී අඩෙනියි මහතා පවසනවා.

2000 වසරේ සිට 2024 දක්වා ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුවද මෙරට උපත් අනුපතිකය හා විවාහවීමේ අනුපාතය ද අඩුවී තිබෙනවා .

ආර්ථික විශේෂඥයින් සඳහන් කරන්නේ ගැටළු නිසා මෙරට තරුණ පිරිස් විවාහයට යොමු වීමටත් විවාහ වූ යුවල දරුවන් බිහි කිරීමටත් පසුබට වන බවයි.

මේ අතර මෙරට පිරිමි ජනගහණය අඩුවීම ඉදිරියේ දී අර්බුද රැසක් නිර්මාණය කරනු ඇති බව ද වයඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමින්ද මෙත්සිල මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ 1995 වසරේ දී කාන්තාවන් 100 දෙනෙකුට පිරිමි පුද්ගලයින් 100.2 ලෙස වර්තා වී තිබු අතර එය මේ වන විට කාන්තාවන් සිය දෙනෙකුට පිරිමි පුද්ගලයින් 93.7 දක්වා අඩුවී ඇති බවයි.

Share This