ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රියානු තානාපතිවරිය අගමැතිනිය හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රියානු තානාපතිවරිය අගමැතිනිය හමුවෙයි

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හා ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රියානු තානාපතිනි Katharina Wieser අතර හමුවක් අද (31) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පවත්වා තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රියාව අතර දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව මෙම හමුවේදී අවධාරණය කළ බව සඳහන්.

තානාපතිනිය සහ අගමැතිවරිය අතර පැවති මෙම සාකච්ඡාවෙදී දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික, ආර්ථික සහ සංස්කෘතික සබඳතා ශක්තිමත් කර ගැනීම කෙරෙහි අවධානය යොමුවී ඇති බවයි වාර්තා වන්නේ.

Share This