
ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා ඉෂාර නානායක්කාර
ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා බවට ඉෂාර නානායක්කාර පත්ව ඇතැයි Gulf News වෙබ අඩවිය පවසනවා.
ඔහු සතු ශුද්ධ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 1.6 ක්.
එය ව්‍යාපාරික ධම්මික පෙරේරා අභිබවා යාමක් බව එම වෙබ් අඩවිය සදහන් කළා.
ගෝලීය ක්ෂුද්‍ර මූල්‍ය සහ රක්ෂණ අංශවල ශ්‍රී ලංකාවේ පැවැත්ම පුළුල් කිරීමේදී නානායක්කාර ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර තිබෙනවා.
මේ අතර ඉන්දියාවේ මුකේෂ් අම්බානිගේ ශුද්ධ වටිනාකම දකුණු ආසියාවේ අනෙක් සියල්ලන්ම අභිබවා සිටින බව වාර්තා වනවා.
ඔහුගේ ඩොලර් බිලියන 118 ක ධනය පාකිස්තානයේ ෂාහිඩ් ඛාන්ගේ ධනය මෙන් 10 ගුණයකට ආසන්න වන අතර බංග්ලාදේශයේ, නේපාලයේ සහ ශ්‍රී ලංකාවේ ඉහළම ධනවතුන්ගේ ඒකාබද්ධ ධනයට වඩා බොහෝ සෙයින් ඉහළ බවයි වාර්තා වන්නේ.
ව්‍යාපාර පරිමාණයෙන්, ගෝලීය බලපෑමෙන් හෝ සත්‍යාපිත ධනයෙන් මනිනු ලැබුවද, කලාපයේ අවිවාදිත මූල්‍ය බලාගාරය ලෙස අම්බානි තනිවම ඉහළින් සිටිනවා.