ශ්‍රී ලංකාවේ නීල ආර්ථිකයේ විභාවතාවයන් අනාවරණය කෙරෙන “VOYAGE SRI LANKA 2025” සමුද්‍රීය සමුළුව කොළඹ දී

ශ්‍රී ලංකාවේ නීල ආර්ථිකයේ විභාවතාවයන් අනාවරණය කෙරෙන “VOYAGE SRI LANKA 2025” සමුද්‍රීය සමුළුව කොළඹ දී

ශ්‍රී ලංකාවේ නීල ආර්ථිකයේ විභාවතාවයන් අනාවරණය කෙරෙන “VOYAGE SRI LANKA 2025″ සමුද්‍රීය සමුළුව නීල ආර්ථික (BLUE ECONOMY) ක්ෂේත්‍රයේ ගෝලීය නායකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින්, ආයෝජකයින් හා වෘත්තියවේදීන් ගේ සහභාගිත්වයෙන් යුතුව ඔක්තෝබර් 16 වැනිදා කොළඹ දී පැවැත් වීමට කටයුතු කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ නීල ආර්ථිකයේ (Blue Economy) අනාගතය හැඩගස්වන නව්‍ය විසදුම් හා ආයෝජන අවස්ථා ගවේෂණය කිරීම පිළිබඳව මෙම සමුළුවේදී අවධානය යොමු කෙරෙනු ඇති.

මෙවර ”වෝයේජ් ශ්‍රී ලංකා 2025 (Voyage Sri Lanka 2025)” සමුළුව ජ්‍යත්තන්තර සහයෝගිතාවය වර්ධනය කිරීම සඳහා සහ සමුද්‍රීය සේවා කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ උපායමාර්ගික තත්ත්වය ප්‍රවර්ධනය කිරීම සඳහාත් වෙන් කර තිබෙනවා.

සමුද්‍රීය හා අක්වෙරළ අංශයේත්, බෝට්ටු තැනීම් කර්මාන්තයේත් ශ්‍රී ලාංකික භූමිකාව ශක්තිමත් කිරීම හා නීල ආර්ථිකයේ (Blue Economy) සංවර්ධනය ඉදිරියට ගෙනයාම සඳහාත් මෙම සමුළුව වැදගත් වේදිකාවක් ලෙස කටයුතු කරන බව සංවිධායකයින් ගේ අදහසයි.

මීට අමතරව මෙම සමුළුව ඉහළ මට්ටමේ සාකච්ජා වටයන් දේශන හා ජාලකරණ සැසිවාරයන්ගෙන් ද සමන්විතයි.

ඉහත ප්‍රතිපත්ති සංවාදයන්ට අමතරව, ප්‍රධාන ජාත්‍යන්තර නැව් මාර්ගවල කේන්ද්‍රීය මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව පිහිටීමේ භූගෝලීය වාසිය මෙම සමුළුව මගින් ඉස්මතු කිරීමට සැලසුම් කර තිබෙනවා.

එහිදී සමුද්‍රීය සහ අක්වෙරළ සේවා, බෝට්ටු තැනීම, නාවික සංචාරක ව්‍යාපාරය සහ අනෙකුත් නැගී එන සමුද්‍රීය අංශයන්හි විශේෂඥතාවයන් ද ප්‍රදර්ශනය කරනු ඇති.

විශේෂයෙන්ම, දකුණු ආසියාවේ සමුද්‍රීය කර්මාන්ත ආයෝජන සඳහා ප්‍රමුඛ ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ කීර්තිනාමය තවදුරටත් ශක්තිමත් කරමින්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ කර්මාන්ත නායකයින් සමඟ සෘජුවම සම්බන්ධ වීමට ආයෝජකයින්ට සුවිශේෂී වේදිකාවක් මෙම සමුළුව විසින් සපයනු ලබන බව සංවිධායකයින් සදහන් කළා.

මේ පිළිබද ප්‍රතිපත්ති සම්පාදකයෙකු, ආයෝජකයෙකු, ව්‍යවසායකයෙකු හෝ අදාළ ක්ෂේත්‍රවල නියැලී සිටින කර්මාන්ත වෘත්තිකයෙකු නම් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමුද්‍ර සමුළුවට සහභාගී වීම වැදගත් බව සංවිධායකයින් පවසනවා.

මේ සම්බන්ධයෙන් www.voyagesrilanka.lk හි ලියාපදිංචි විය හැකි අතර, ජාලකරණ අවස්ථා සහ ආයෝජන අවස්ථාවන් සඳහා ප්‍රවේශය ලබාගැනීමේ හැකියාව පවතිනවා.

 

සංවිධානය: ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (SLEDB)

Share This