
ශ්‍රී ලංකාවේ ලිංගික ශ්‍රමිකයින්ගේ උපත් පාලන කොපු භාවිතය 93% කින් ඉහළට
ශ්‍රි ලංකාවේ ලිංගික ශ්‍රමිකයින් 30,000 පමණ සිටින බවට සමීක්ෂණයකින් අනාවරණවී තිබෙනවා.
මේ බව පවසන ප්‍රජා සෞඛ්‍ය වි. වෛද්‍ය හරිස්චන්ද්‍ර යකන්දාවල මහතා පෙන්වා දෙන්නේ, සෞඛ්‍ය අමාත්‍යාංශය මූලිකත්වයෙන් කළ සමීක්ෂණයකින් එය අනාවරණවූ බවයි.
එමෙන්ම මෙරට තුළ ලිංගික ශ්‍රමිකයින්ගේ උපත් පාලන කොපු භාවිතය 93% කින් ඉහළ ගොස් ඇති බවද එම සමීක්ෂණයෙන් තහවුරුවූ බව ඒ මහතා පවසනවා.
ගෙවුණු කාළය තුල සිදුකළ දැනුවත් කිරීම් මේ තත්ත්වයට හේතුවී ඇති බවත් වි. වෛද්‍ය හරිස්චන්ද්‍ර යකන්දාවල මහතා පෙන්වා දෙනවා.
ඒ අනුව ලිංගික ශ්‍රමිකයින් මෙවැනි දැනුවත්වීම අනුව ක්‍රියාත්මකවීමද වඩා යහපත් වනවා.
