ශ්‍රී ලංකාවේ YouTube ඉතිහාසය වෙනස් කළ Wild Cookbook

ශ්‍රී ලංකාවේ YouTube ඉතිහාසය වෙනස් කළ Wild Cookbook

YouTube අවකාශය තුළ ඉමහත් ජනාදරයක් සහ ප්‍රසිද්ධියක් හිමිකරගෙන සිටින ශ්‍රී ලාංකික සූපවේදියෙකු වන චරිත් නිපුන් සිල්වා සිය YouTube නාලිකාව වන Wild Cookbook හි ග්‍රාහකයින් මිලියන 10 සීමාව පසුකර යාමට ඊයේ (28) සමත් වුණා.

ඒ අනුව YouTube අවකාශය තුළ මිලියන 10ක ග්‍රාහකයින් සංඛ්‍යාවක් ඉක්මවා ගිය පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ චරිත් නිපුන් සිල්වායි.

තවද ශ්‍රී ලංකාවේ ප්‍රථම Diamond Play Button එක හිමිකරගැනීමට ඔහු සමත්වී තිබෙනවා.

ඉතාමත් කෙටි වීඩියෝ ප්‍රමාණයකින් මෙම සාර්ථකත්වයට ළඟාවීමට හැකියාව ලැබීම සුවිශේෂී කරුණක් ලෙසයි වාර්තා පොත් අලුත් කර සිටින්නේ.

තම සුවිශේෂී ඉවුම් පිහුම් ශිල්පීය ක්‍රම යොදාගනිමින් ප්‍රේක්ෂකයන් තමා සන්තකයේ රඳවා තබාගැනීම මඟින් ඔහුගේ ජනප්‍රියත්වය දිනෙන් දින ඉහළ ගිය බව සඳහන්.

Share This