ශ්‍රී ලංකාව මෙතෙක් ලබා ඇති ආර්ථික ප්‍රගතිය IMF අගය කරයි

ශ්‍රී ලංකාව මෙතෙක් ලබා ඇති ආර්ථික ප්‍රගතිය IMF අගය කරයි

ශ්‍රී ලංකාව මෙතෙක් ලබා තිබෙන ආර්ථික ප්‍රගතිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් අගය කිරීමකට ලක්කොට තිබෙනවා.

මෙම සතියේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාව ලබා තිබෙන ප්‍රගතිය පැසසුමට ලක්කර ඇති බවටයි එහිදී සඳහන් වන්නේ.

IMF සන්නිවේදන අධ්‍යක්ෂ ජූලි කොසැක්, විසින් රටේ ප්‍රශංසනීය සාර්ව ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව අවධානය යොමු කරමින් මේ පිළිබඳව කරුණු දක්වා තිබෙනවා.

එහිදී වේගවත් උද්ධමනය අඩුවීම සහ ස්ථාවර ආර්ථික වර්ධනයක් ඉස්මතු කරවීම පිළිබඳව අවධානය යොමුකළ බව සඳහන්.

තවද ශ්‍රී ලංකාව පුද්ගලික සහ නිල ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කිරීමට අපේක්ෂා කරන බවද එහිදී IMF සන්නිවේදන අධ්‍යක්ෂවරිය ප්‍රකාශ කර තිබෙනවා.

අර්බුදයෙන් පසු බලාපොරොත්තු වූවාට වඩා වේගවත් ආර්ථික ප්‍රකෘතියක් සඳහා මග පාදමින් දේශීය ණය මෙහෙයුම් බොහෝ දුරට සම්පූර්ණ කර ඇති බවද IMF සන්නිවේදන අධ්‍යක්ෂ ජූලි කොසැක් විසින් ප්‍රකාශ කර තිබෙන බවයි සඳහන් වන්නේ.

Share This