ශ්‍රී ලංකාව විශිෂ්ට ලෙස දෙවන ජය වාර්තා කරයි

ශ්‍රී ලංකාව විශිෂ්ට ලෙස දෙවන ජය වාර්තා කරයි

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ එංගලන්තයට එරෙහි තරගයෙන් කඩුලු 8ක විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (26) සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 33යි පන්දු 02ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 156ක් පමණයි.

එහිදී ලහිරු කුමාර කඩුලු 3ක්, කසුන් රාජිත සහ ඇන්ජලෝ මැතිව්ස් කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් වුණා.

අනතුරුව ලකුණු 157ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 25යි පන්දු 4ක් තුළ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 160ක් රැස්කරමින් තරගයේ ජයග්‍රහණය වාර්තා කළා.

එහිදී දක්ෂ පිති හරඹයක නිරත වූ පැතුම් නිස්සංක ලකුණු 77ක් සහ සදීර සමරවික්‍රම නොදැවී ලකුණු 65ක් වාර්තා කිරීමට සමත් වුණා.

තරගයේ ලකුණු සටහන පහතින්…

 

 

 

 

Share This