
ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 300ක්, ඉන්දියාවේ අයවැයෙන්
2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 1,032ක් පමණ වන බවයි වාර්තා වන්නේ.
පසුගිය වසරේදී ඉන්දීය අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා වෙන් කර තිබුණේ ඉන්දීය රුපියල් කෝටි 245ක්.
ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය සැලකිල්ලට ගනිමින් මෙවර ඉන්දීය අයවැයෙන් රුපියල් කෝටි 300ක මුදලක් වෙන්කර ඇති බව සඳහන්.
2025 වර්ෂය සඳහා ඉන්දීය අයවැය ඊයේ (01) එරට මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණා.