ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍යතාන්ත්‍රික උපදේශන සාකච්ඡාවල 13 වැනි වටය අනිද්දා

ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍යතාන්ත්‍රික උපදේශන සාකච්ඡාවල 13 වැනි වටය අනිද්දා

මහජන චීන සමූහාණ්ඩුව සමඟ බෙයිජිං නුවරදී පැවැත්වීමට නියමිත රාජ්‍යතාන්ත්‍රික උපදේශන සාකච්ඡාවල 13 වැනි වටය අනිද්දා (17) පැවැත්වීමට නියමිතව තිබෙනවා

ඒ සඳහා සහභාගී වන ශ්‍රී ලංකා දූත පිරිසෙහි නායකත්වය ගෙන ඇත්තේ විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය විසිනුයි

ඇය, මහජන චීන සමූහාණ්ඩුවේ විදේශ කටයුතු පිළිබඳ උප අමාත්‍ය සුන් වෙයිඩොං මහතා සමඟ එකී උපදේශනවල සම සභාපතිත්වය දරනු ලබනවා

මෙම සාකච්ඡාවලදී දේශපාලන, ආර්ථික, වෙළෙඳ, ආයෝජන සහ ආරක්‍ෂක යන ක්ෂේත්‍රද ඇතුළුව ද්විපාර්ශ්වික සම්බන්ධතාවල ප්‍රගතිය සමාලෝචනය කිරීමට අපේක්ෂිතයි

Share This