ශ්‍රී ලංකාව සහ ස්විට්සර්ලන්තය අතර හමුදා සහයෝගිතාව වැඩි දියුණු කෙරේ

ශ්‍රී ලංකාව සහ ස්විට්සර්ලන්තය අතර හමුදා සහයෝගිතාව වැඩි දියුණු කෙරේ

ස්විට්සර්ලන්ත ආරක්ෂක උපදේශක කර්නල් Francois Garraux සහ ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා අතර හමුවක් අද(09) පැවැත්වුණා.

දෙරට අතර පවතින හමුදා සහයෝගිතාව සහ ශ්‍රී ලංකා හමුදාවන්ට ලබා දිය හැකි පුහුණු අවස්ථා පිළිබඳව මෙම හමුවේදී සාකච්ඡා කර තිබෙනවා.

නීති විරෝධී මත්ද්‍රව්‍ය දිවයිනට ගලා ඒම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ නිතිය ක්‍රියාත්මක කරන ආයතන විසින් ගෙන ඇති ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවද මෙම හමුවේදී සාකච්ඡා කළ බවයි ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

Share This