ශ්‍රී ලංකා-අයර්ලන්ත කාන්තා ක්‍රිකට් ගැටුම අද සිට

ශ්‍රී ලංකා-අයර්ලන්ත කාන්තා ක්‍රිකට් ගැටුම අද සිට

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන 20යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වනවා.

තරග 02කින් සමන්විත එම තරගාවලියේ පළමු තරගය අද රාත්‍රී 08.30ට ඩබ්ලින් හිදී ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ අයර්ලන්ත තරග සංචාරය එක්දින ජාත්‍යන්තර තරග 03කින්ද සමන්විත වනවා.

ආසියානු කුසලානය දිනා ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සහභාගී වන පළමු ජාත්‍යන්තර තරගය වන්නේ මෙයයි.

Share This