ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අකරතැබ්බයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අකරතැබ්බයක්

අමෙරිකාවේ ෆ්ලොරිඩාවට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට බලපෑම් එල්ල වී තිබෙනවා.

අද (13) බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව යාමට නියමිතව තිබූ නමුත් පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමට ෆ්ලෝරිඩා නුවරින් පිටත්ව යාමට හැකියාව ලැබී නොමැති බවයි වාර්තා වන්නේ.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් වාර රැසක් අවලංගු වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්ව යාමට සිදුව ඇත්තේ හෙට (14) දිනයේදී බව සඳහන්.

ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ සහභාගි වන අවසන් තරගය ලබන 17 වනදා නෙදර්ලන්තයට එරෙහිව ශාන්ත ලුසියා හිදී පැවැත්වීමට නියමිතයි.

Share This