ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එරෙහි චෝදනා ඔප්පු කළහොත් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙනවා -ඇමති හරින් ප්‍රනාන්දු-

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එරෙහි චෝදනා ඔප්පු කළහොත් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙනවා -ඇමති හරින් ප්‍රනාන්දු-

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විනය විරෝධී කටයුතු කර ඇති බවට එල්ල කරන චෝදනා ඔප්පු කළහොත් තමා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව සංචාරක හා ඉඩම්, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සුභසාධනය සඳහා විශාල වැය බරක් දැරීමට රජය කටයුතු කර ඇති බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

ජාත්‍යන්තර මට්ටමේ පරිසාධනය සපුරා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් 60ක් තෝරාගෙන ඔවුන්ට මසකට රුපියල් 50,000 බැගින්ද, තවත් තෝරාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 850ක් සඳහා මාසයකට රුපියල් 10,000 බැගින් වන දීමනාවක් ලබාදීමට කටයුතු කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

සංචාරක, ඉඩම් සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කර සිටියේ ස්ථාවර රටකට සැවොම එක මඟකට යන මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (24) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

පාසල් රග්බි ක්‍රීඩකයන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ඔවුන් වෙත රක්ෂණ ආවරණයක් පිරිනැමීමටද රජය කටයුතු කර තිබෙන බවද හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

Share This